ආයුබෝවන්. මෙම බ්ලොග් අඩවියට ඔබ සාදරයෙන් පිලිගන්නවා.අපගේ අනෙකුත් අඩවි සද්හා මෙම සබෑදියන් භාවිතා කරන්න , http://www.eglobe.tk / www.abceglobe.tk

මාගම්පුර තොටුපලයි - ජනපති ලොව දුටු දිනයි (video)

Wednesday, November 17, 2010


ජනපතිදුන්ගේ ජන්ම දිනයට පුන්චි පදවැලක් ඉදිරිපත් කරන්න මට හිතුනා. මුලින්ම ඔය වීඩියෝ එක බලන්න.ඒකත් මගෙ නිර්මානයක් තමයි.ඊට පස්සෙ ඔය පහල තියන කවි ටිකත් කියන්න. ආ ..comment එකකුත් දාලම යන්න.

දෙවනි බුදුන් මේ මිහිපිට උපත ලබා
බුදු බන නොකීවත් රට නිදහස දුටුවා
ඒ නිදහසේ උත්තම ගුන පීදේවා
සුබ ඉදිරියට මන් මාවත් එලි වේවා

එදවස අහස සතුටින් කුල්මත් ඌවා
ගන්ගා ඇල දොලෙත් තුටු පෙන උඩ ආවා
මහ මුහුදටත් රැලි එක පිට නැන්වූවා
පෙර දිග මුතු ඇටය නැවතත් බැබලූවා

සින්හල දෙමල එක රටකට එක්වූවා
මිහිමත කැකුලු හසරැල් මහ මතු වූවා
මාගේ නොව අපගේ රට මෙය වූවා
චිරන් ජයතු ජනපතිදුන් බැබලේවා

5 comments:

විහඟ ගීතය said... Reply To This Comment

ඇසේ කඳුළු බිදු යළි එක්වෙන්න නොදී
කෙසේ හෝ සතුරු කැළකට නොම පැරදී
ඉසේ ඇම්ම නිට්ටාවට සුව කරදී
දෙසේ බසේ නිරිඳුන්! ඔබමය වො‍රැඳී
http://wihagageethaya.blogspot.com/2010/11/blog-post_17.htm

රෙහාන් said... Reply To This Comment

නියමයි සහෝදරයා :)

G said... Reply To This Comment

@ විහඟ -

ඒ නිරිදුන් උපන් රට මට අගය වෙති
පලමු දෙවනු තෙවනු තැනත් එයට හිමී
මෙදවස දුටුගැමුනු පුතු වන් අපට හිමී
රට මගේ නැවතත් නිදහස ලැබුනි

@ රෙහාන් - comment එකට ස්තූතියි.

ඉලංදාරියා said... Reply To This Comment

හිත ප‍ටුකරගෙන නොවෙයි අද කවි පද බදින්නේ
හැකිනම් මල්දමක් ගෙල පලද වන්නේ
තුන් බිය දුරු උනේ හිත පං පිරෙන්නේ
හෙට දිනයෙත් ලොවට මුතුඇටය බබලවන්නේ

G said... Reply To This Comment

මල් දම් ගොතන්නට මල් මදි තරම්නේ
මල් සුවදටයි කුරහන් සලු අදින්නේ
ගල් ගෙඩි වදින්නෙත් පල ඇති රුකටමනේ
ඉතින් අවසරයි පා යුග නමදින්නේ

ඉලංදාරියා comment එකට ස්තූතියි

Post a Comment