ආයුබෝවන්. මෙම බ්ලොග් අඩවියට ඔබ සාදරයෙන් පිලිගන්නවා.අපගේ අනෙකුත් අඩවි සද්හා මෙම සබෑදියන් භාවිතා කරන්න , http://www.eglobe.tk / www.abceglobe.tk

මෙන්න නියම blogකරුවන්.ඔබත් ඉන්නවද?

Saturday, November 27, 2010


මට මේක ගැන දාන්න හිතුනේ වැරැද්දක් පෙන්වල දුන්න පිරිසක් වෙනුවෙන්. මම blog එකේ දාල තිබ්බ ඔක්කොම ad අයින් කලා. ඒකට හේතුව මම කලින් කියපු පිරිස නිසා . මේක උනේ අහම්බෙන්. මම අර නොමිලේ පොත් ගෙන්න ගන්න හැටි ගැන ලිපියක් දැම්මනේ.ඒක බැලුවෙ නැද්ද ? එහෙනම් මෙතනින් යන්න. කොහොම උනත් එතන තිබ්බ comment වලින් තමයි මම මේක දැන් ගත්තේ. මුලින්ම මම Roshan,chanakalin,Kanishka,වැම්පයර් කියන කට්ටියට ස්තූති වෙනවා. ඔයාලත් ඒ comment බලන්න . මෙතනින් යන්න. දැන් මම adsense දෙනකන් වැඩිය ad ගැන හිතන්නේ නෑ. ඔය like නම් ඉතින් තියනවා. ඒක කාටවත් කරදරයක් නෑනේ. ගිහින් එන්නම්. ඔයාලත් ඒ විදියට comment එකක් දාන්න.තව දෙයක් මට ගොඩක් දෙනෙක් උදවු කරනවා.එයාලගේ නම් වශයෙන් කියන්න නම් බෑ. මම දන්නවා හැම කෙනෙක්ම හැමෝටම උදවු කරනවා. මම අරගොල්ලන්ගෙ නම් දැම්මේ උදාහරන විදියට.

5 comments:

Kanishka said... Reply To This Comment

වැරැද්ද හදපු එක ගැන සතුටුයි.. මුලින් පටන් ගන්නකොට අපිත් ඔහොම තමයි. බ්ලොග් එකට එක එක ගැජට්, ඇඩ් අරවා මේවා දාලා බලන්න ගොඩක් ආසයි. ඒත් ‍සෝඩා බෝතල් වගේ බ්ලොග් වලට ගොඩක් අය ආස නෑ. බ්ලොග් එකක professional ගතිය වැඩි කරගන්න. මොකද කවුරු කවුරුත් දියුණු වෙන්න එපැයි. :P

P.s - word verification අයින් කරන්න.

G said... Reply To This Comment

comment එකට ස්තූති.

Roshan said... Reply To This Comment

ඇත්තෙන්ම අර කලින් ලිපියේ Comment එක දැම්මෙ හරිම තරහෙන්. මොකද ඔයාගෙ Blog එකට ගියාම Computer එකම Slow උනා.ඒ වෙලාවෙ හිතාගත්ත තවත් නම් මේකට එන්නෙ නෑ කියල. හැමතැනම Add.Comment එක දාන්නත් විනාඩි 15 ක් විතර උත්සාහ කරන්න උනා. ඒ තරම් ඒකවත් Load උනේ නෑ. වැරැද්ද පෙන්නල දෙන්න ඕන නිසා කොහොම හරි Try කරල Comment එක දාගත්ත.
ඔයා වැරැද්ද හදපු එක ගැන බොහොම සතුටුයි.
දැන්නම් Blog එක හොදයි.

G said... Reply To This Comment

බොහෝම ස්තූති අයියේ. දිගටම blog එකත් එක්ක ඉන්න

Unknown said... Reply To This Comment

word verification ඉවත් කළොත් blogspot/google සළකන්නේ spam අඩවියක් විධියට. මම ඒක එක වතාවක් ඉවත් කරගෙන වැඩේ කාගත්තා. දැන් ආපහු ඒක දාගත්තා.

Post a Comment