ආයුබෝවන්. මෙම බ්ලොග් අඩවියට ඔබ සාදරයෙන් පිලිගන්නවා.අපගේ අනෙකුත් අඩවි සද්හා මෙම සබෑදියන් භාවිතා කරන්න , http://www.eglobe.tk / www.abceglobe.tk

දිනයක් ඒවි අපි දෙන්නට රජ වෙන්න

Saturday, April 23, 2011


කලුවර අහස පියබා යයි ඈතටම
ගොම්මන් අදුර මැද ඇයි න0ගෝ තනිව
අම්මා එනවා මට පේනව ලග ලගම
ගෙට යන් න0ගියෝ අපි දැන් හනිකටම

තාත්තා එනවා ඇති බැරි බර දරාගෙන
ඩහදිය හෙලනවා මසුරන් ලැබ ගන්න
අපි පොඩි වැඩී පියෙකුගෙ බර අර ගන්න
දිරි ගන් නන්ගියේ දුක් විද සැනසෙන්න

උගනිමු හැමදේම හරි හැටි සිත්ට ගෙන
තැවුනු හිතට නොම ගිනි දැල් අර ගන්න
වෙහෙසෙමු ලොකු වෙලා මේ ලොව ජය ගන්න
දිනයක් ඒවි අපි දෙන්නට රජ වෙන්න

මේක කවියක් විදියට හරි සින්දුවක් විදියට හරි කියවන්න. නැතුව චේදයක් විදියට් හරි රචනාවක් හරි කතාවක් හරි විදියට කියවන්න යන්න එපා . එහෙම කරන්නත් පුලුවන් . ඒත් එපා . එතකොට තේරුම තේරෙන්නෙම නෑ. මොකද මම හිතනවා මේක තේරුම්ගන්න පුලුවන් කියලා. මේක මම 7 වසරෙදි ලියපු කවියක්

0 comments:

Post a Comment