ආයුබෝවන්. මෙම බ්ලොග් අඩවියට ඔබ සාදරයෙන් පිලිගන්නවා.අපගේ අනෙකුත් අඩවි සද්හා මෙම සබෑදියන් භාවිතා කරන්න , http://www.eglobe.tk / www.abceglobe.tk

අද අනිවාර්‍‍යයෙන් නාන්න

Tuesday, April 12, 2011

මුලින්ම හැමෝටම ලබන්නා වූ සි0හල දෙමල නව වසර සතුටින් සාමයෙන් පිරි සෞභාග්‍යමත්  අලුත් අවුරුද්දක් වේවා. අපි අවුරුදු චාරිත්‍ර හැම එකක්ම වගේ හොදින් සිදු කරනවා . ඒත් නව සද බැලීම , පරන අවුරුද්ද සදහා ස්නානය වගේ ඒවා අපිට අමතක වෙනවා. ඉතින් අද (13 / 04)තමයි පරන අවුරුද්ද සදහා ස්නානය යෙදිලා තියෙන්නේ .ඉතින් පසු ගිය අවුරුද්දේ විදපු දුක් කම් කටොලු හැම එකක්ම අමතක කරලා ඒ දේවල් වලින් තොර නීරෝගී සුභ අලුත් අවුරුද්දක් වෙනුවෙන් දැන්මම ගිහින් නාන්න. හෝව්.........හෝව් පොඩ්ඩක් ඉන්න .නිකම්ම නාන්න එපා . මුලින්ම නානු හදා ගන්න ඕන. මහා ලොකු දෙයක් නෙමේ 14 ම හොයගන්න නැත්නම් කොහොබ කොල ටිකක් අරන් හොදට කොටල වතුර දාල හදා ගන්න .ඊට පස්සෙ මේක අලුත් මුට්ටියක දාල තියන්න. නාන්න ගිහිල්ලා මුලින්ම ඇග හෝදන්න . ඊට පස්සෙ නානු ගාන්න. මුලු ඇග පුරාම ගාන්න. නීරෝගි වෙන්න කියල හිතාගෙන. හරි දැන් ආයි වතුර නාලා ඕනෙනම් සබන් ගාලා නාන්න. (මේක මගේ මතය .මාත් කලේ එහෙම .මෙ සම්මත විදියට හදන  නානු නෙමේ. )කොහොබ කොල ටිකක් හොයා ගන්න බැරි නෑනේ. අනිත් කාරනය තමයි මේ අවුරුදු චාරිත්‍ර කියන්නෙ මැජික් වගෙ මාර දෙයක් නෙමේ. මේකෙ තියෙන්නෙ අතීතයේ අපේ මුතුන් මිත්තන් ශක්තිමත්ව ශශ්‍රීකව ඉන්න කරපු දේවල්. අපි නව සද බැලුවාම අපේ සිත සතුටු වෙනවා. නව නෙමේ සුපිරි සද බැලුවත් හිත සතුටු වෙනව. මිනිස්සුන්ට හද බලන්නවත් වෙලාවක් නෑ. ඉතින් අවුරුද්දට ඒක පාරක් හරි හද බැලුවාම මනසට  සැහැල්ලුයි. (සමහර විට මේ සම්බන්ද මත විශ්වාස ඇති. වත් මේ මගෙ මතය ) ඒ වගේම තමයි නාන එක. අපි සබන් ගාල නානවට වඩා මේ නානු ගෑවහම ඒක ඇගට දැනෙනවා.මම කියන්නේ මේ දේවල් අපෙ ජීවිතය සාර්තක කරන්න අපිට ලැබෙන අවස්තාවක්. අවසාන වශයෙන් හැම දෙනාටම සුබ නව වසරක්

4 comments:

නදී said... Reply To This Comment

ලබන්නාවූ නව වසර සියලු යහපත් බලාපොරොත්තු ඉටුවන සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා!!!

G said... Reply To This Comment

ඔයාටත් එසේම වේවා

කතන්දර Kathandara said... Reply To This Comment

ලියවෙන ගෙතෙන කියවෙන හැම අකුරකම
ලොකු බලයක් ඇතිය ඒ ගැන සැකය කිම
බ්ලොග් කියවන ලියන හැමටම ලබන මෙම
නව අවුරුද්ද ජයවේවා පතමි මම

දාහක් හමාරක් තව ලිපි ලියවේවා
කියවන අයගෙ ඇස් ඒ දෙස යොමුවේවා
සැමටම එයින් හද තුල තුටු ඇතිවේවා
සිංහල වියුණු අවකාශය බැබලේවා!

-කතන්දරකාරයා

G said... Reply To This Comment

වසරක් ලැබුව නව අප සිත් තුටු කරන
කියවූ ලිපිය ඔබටයි මේ තුති පියුම
හැකි වේවා දිනක ලොව වෙනසක පතුරන්න
අත පය මුල් නොවී අකුරෙන් ජයගන්න

Post a Comment