ආයුබෝවන්. මෙම බ්ලොග් අඩවියට ඔබ සාදරයෙන් පිලිගන්නවා.අපගේ අනෙකුත් අඩවි සද්හා මෙම සබෑදියන් භාවිතා කරන්න , http://www.eglobe.tk / www.abceglobe.tk

දිනයක් ඒවි අපි දෙන්නට රජ වෙන්න

Saturday, April 23, 2011

0 comments

කලුවර අහස පියබා යයි ඈතටම
ගොම්මන් අදුර මැද ඇයි න0ගෝ තනිව
අම්මා එනවා මට පේනව ලග ලගම
ගෙට යන් න0ගියෝ අපි දැන් හනිකටම

තාත්තා එනවා ඇති බැරි බර දරාගෙන
ඩහදිය හෙලනවා මසුරන් ලැබ ගන්න
අපි පොඩි වැඩී පියෙකුගෙ බර අර ගන්න
දිරි ගන් නන්ගියේ දුක් විද සැනසෙන්න

උගනිමු හැමදේම හරි හැටි සිත්ට ගෙන
තැවුනු හිතට නොම ගිනි දැල් අර ගන්න
වෙහෙසෙමු ලොකු වෙලා මේ ලොව ජය ගන්න
දිනයක් ඒවි අපි දෙන්නට රජ වෙන්න

මේක කවියක් විදියට හරි සින්දුවක් විදියට හරි කියවන්න. නැතුව චේදයක් විදියට් හරි රචනාවක් හරි කතාවක් හරි විදියට කියවන්න යන්න එපා . එහෙම කරන්නත් පුලුවන් . ඒත් එපා . එතකොට තේරුම තේරෙන්නෙම නෑ. මොකද මම හිතනවා මේක තේරුම්ගන්න පුලුවන් කියලා. මේක මම 7 වසරෙදි ලියපු කවියක්

අද අනිවාර්‍‍යයෙන් නාන්න

Tuesday, April 12, 2011

4 comments
මුලින්ම හැමෝටම ලබන්නා වූ සි0හල දෙමල නව වසර සතුටින් සාමයෙන් පිරි සෞභාග්‍යමත්  අලුත් අවුරුද්දක් වේවා. අපි අවුරුදු චාරිත්‍ර හැම එකක්ම වගේ හොදින් සිදු කරනවා . ඒත් නව සද බැලීම , පරන අවුරුද්ද සදහා ස්නානය වගේ ඒවා අපිට අමතක වෙනවා. ඉතින් අද (13 / 04)තමයි පරන අවුරුද්ද සදහා ස්නානය යෙදිලා තියෙන්නේ .ඉතින් පසු ගිය අවුරුද්දේ විදපු දුක් කම් කටොලු හැම එකක්ම අමතක කරලා ඒ දේවල් වලින් තොර නීරෝගී සුභ අලුත් අවුරුද්දක් වෙනුවෙන් දැන්මම ගිහින් නාන්න. හෝව්.........හෝව් පොඩ්ඩක් ඉන්න .නිකම්ම නාන්න එපා . මුලින්ම නානු හදා ගන්න ඕන. මහා ලොකු දෙයක් නෙමේ 14 ම හොයගන්න නැත්නම් කොහොබ කොල ටිකක් අරන් හොදට කොටල වතුර දාල හදා ගන්න .ඊට පස්සෙ මේක අලුත් මුට්ටියක දාල තියන්න. නාන්න ගිහිල්ලා මුලින්ම ඇග හෝදන්න . ඊට පස්සෙ නානු ගාන්න. මුලු ඇග පුරාම ගාන්න. නීරෝගි වෙන්න කියල හිතාගෙන. හරි දැන් ආයි වතුර නාලා ඕනෙනම් සබන් ගාලා නාන්න. (මේක මගේ මතය .මාත් කලේ එහෙම .මෙ සම්මත විදියට හදන  නානු නෙමේ. )කොහොබ කොල ටිකක් හොයා ගන්න බැරි නෑනේ. අනිත් කාරනය තමයි මේ අවුරුදු චාරිත්‍ර කියන්නෙ මැජික් වගෙ මාර දෙයක් නෙමේ. මේකෙ තියෙන්නෙ අතීතයේ අපේ මුතුන් මිත්තන් ශක්තිමත්ව ශශ්‍රීකව ඉන්න කරපු දේවල්. අපි නව සද බැලුවාම අපේ සිත සතුටු වෙනවා. නව නෙමේ සුපිරි සද බැලුවත් හිත සතුටු වෙනව. මිනිස්සුන්ට හද බලන්නවත් වෙලාවක් නෑ. ඉතින් අවුරුද්දට ඒක පාරක් හරි හද බැලුවාම මනසට  සැහැල්ලුයි. (සමහර විට මේ සම්බන්ද මත විශ්වාස ඇති. වත් මේ මගෙ මතය ) ඒ වගේම තමයි නාන එක. අපි සබන් ගාල නානවට වඩා මේ නානු ගෑවහම ඒක ඇගට දැනෙනවා.මම කියන්නේ මේ දේවල් අපෙ ජීවිතය සාර්තක කරන්න අපිට ලැබෙන අවස්තාවක්. අවසාන වශයෙන් හැම දෙනාටම සුබ නව වසරක්

මම නොමිලේ ගෙදරට ගෙන්වා ගත් දේවල්

Wednesday, January 26, 2011

3 comments

මම හැමදාමත් ඔයාලට එක එක දේවල් ගෙදරට ගෙන්න ගන්න විදිය කිව්වනෙ. ඒ අතරින් සමහර ඒවා ඔයාලත් ගෙදරට ගෙන්න ගන්න ඇති. ඉතින් මට හිතුනා මම මෙච්චර කල්  නොමිලෙ ගෙන්න ගත්ත දේවල් ඔයාලට  පෙන්වන්න.මෙතන තියන සමහර ඒව ගෙන්නන විදිය මම කියල නෑ. ඒ සමහර ඒව වැඩක් නැති නිසා. මම ඒවත් ගෙන්න ගන්න විදිය පස්සෙ කියන්නම් . ඊට කලින් ඔය පහල තියන පින්තූරෙ බලල ඉන්නකො.


ඔතන  ටිකක් අඩුයි. සමහර වෙලාවට එකම දේ දෙපාරක් ගෙන්වනවා . දෙපාරට වැඩී . හැබැයි ඒ මට වැදගත් ඒවා විතරයි.ඉතින් ඔයාලටත් පුලුවන් මෙතන click  කරල මේ දේවල් ගෙදරට ගෙන්න ගන්න විදිය දැන ගන්න . එහෙනම් ගිහින් එන්නම්.

නොමිලේ ගෙදරට Prepaid master card එකක්

Monday, January 24, 2011

6 comments
මුලින්ම කියන්න ඕන මටත් මේ card එක ආවා . ඒක නිසා තමයි දාන්න හිතුනෙ. මම  odesk වලින් එක ඉල්ලුවට එව්වෙ නෑ. හැබැයි plimus එකෙන් එව්වා  . ඉතින් මම දැන් කියන්න යන්නේ කොහොමද plimus එකෙන් card එකක් ගෙන්න ගන්නෙ කියල.

 1.  click here (www.plimas.com)
2. Register Click කරන්න
3. ලැබෙන form එක නිවරදිව එය පුරවා create account  click  කරන්න
                                                      
                                                      
ඉන්පසු ඔබගේ email  එකට ගොස් plimus හරහා ලැබෙන email එකෙන් ඔබගේ ගිනුම verify කරන්න.දැන්  user name, password ලබාදී ගිනුමට log වන්න
එහ  select the method click කරන්න .




එහි plimus pripaid master card තොරා  submit කරන්න.
                                                
ඉන්පසුව ලැබෙන form  එක නිසි පරිදි පුරවන්න.දින 20 පමට ඇතුලත ඔබට  plimus prepaid mastercard  පත ලැබේ.
                     


මෙක active කරල මුදල් දාන හැටි පස්සෙ කියන්නම් . එතකන් card එක ගෙන්නගෙන තියගන්න